Monday 6 May 2013

Windows 7 Install කරලා තියෙද්දි Windows XP දාමුද? ( Windows XP, 7 Dual Boot)






හරි මේකයි කථාව, සාමාන්‍යයෙන් අපි Windows XP හා Windows 7 එකවිට පරිඝණකයේ
Install කරගෙන තබා ගැනීමට අවශ්‍ය වුනා කියලා හිතන්නකෝ. අපි ඉතින් මුලින්ම කරන්නේ
එකට XP දාල ඉවර වෙලා අන්තිමට 7 දානවා. එතකොට වැඩේ හරි. දෙකෙන්ම වැඩ ගන්න
පුලුවන්.  Computer එක On වෙද්දිම 2කේම Login Entry පෙන්වනවා. අවුලක් නෑ.


ඕකේ අනිත් පැත්ත කලා කියමුකෝ. ඒ කීවේ Windows 7 දාලා තියෙනකොටම Windows XP
Install කලා. මොකෝ වෙන්නේ එතකොට Computer එක On වෙද්දිම Windows XP Boot
වෙනවා හරියට Windows 7 තිබ්බේ නෑ වගේ. මාර වැඩේ කෝ කලින් තිබ්බ Windows 7 ?????
ඇත්තටම කියනවා නම් Windows 7නුත් මේකේ තියෙනවා. ඒත් log වෙන්න තැනක් තමයි නැත්තේ.

මෙහෙම අවුලක් ආවා නම්  මම කියලා දෙන්නම් මේ OS දෙකම Boot කරන ක්‍රමේ.

දැන් එහෙනම් Windows 7 දාලා තියෙනකොටම Windows XP දැන්ම අය ඉන්නවා නම්
ලෑස්ති වෙන්න මේ වැඩේට.

ඔයාලා Windows XP වලට ගිහින් මෙතන Click කරලා මේ Software එක බාගෙන Install කරගන්න.
මේ software එක ගැන මම කලින් post එකක් ගෙනාවා. බලපු නැති අය ඉන්නවා නම්
මෙතන Click කරලා ඒකත් බලන්න.

හැබැයි මේක වැඩ කරන්න නම් Windows XP වල Netframe Drivers එක තියෙන්න ඕනා.
ඒ හින්දා Online තියෙද්දිම Install කරගන්නවා නම් ගොඩාක් හොදයි.

එහෙනම් Download කරලා Install කලා නම් Open කරන්න.

එතකොට මේක මේ වගේ පෙනෙන්න ලැබේවි.


දැන් ඔයාලා Edit Boot Menu කියන එක් ක්ලික් කරන්න. එතකොට මේ වගේ පෙනේවි.


දැන් ඔයාලට පේනවා නේද මේ Edit Boot Menu එකේ Default OS එක විදියට Windows 7
තියෙනවා ඒත් මේ menu එකේ Windows XP පෙන්වන්නෙ නෑ.
දැන් අපි Windows XP එහෙනම් New Entry එකක් විදියට add කරගමු.

ඒ සදහා ඔයාල Add New Entry කියන එක click කරන්න.


දැන් Operation System යටතේ ඇති Windows කියන එකේ  Type කියන එකට Windows XP select
කරන්න. Automatically detect correct drive කියන එකට select කරලා Add Entry කියන Button
එක Click කරන්න.



ඊට පස්සේ ඔයාලා BCD Deployment එකට ගිහින් පල්ලෙහා විදියට
Install the Windows Vista/7 bootloader to MBR කියන එකට ටික් එක දාලා Write MBR click කරන්න.



වැඩේ හරී. දැන් ඔයාලා Computer එක Restart කරලා බලන්නකෝ.
පල්ලෙහා විදියට පෙනෙන්න ලැබේවි.


මේ විදියට පුලුවන් OS Version එක වැඩි එක මුලින් දාලා අඩු Version එක පස්සේ දාන්න.

තේරෙන්න කීවොත් Windows 8 දාලා තියෙනකොට XP,Vista,7 වගේ ඒවා install කරලා
boot වෙන්න හදා ගන්න පුලුවන්.


හරි එහෙනම් ඔයාලත් TRY  කරල බලන්නකෝ. 
මේ පොස්ට් එක ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාලම යන්න. කැමති නම්
ඔයාලගේ යාලුවොන්ටත් දැන ගන්න Share කරන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


මට කරන Help එකක් හැටියට පහල තියෙන Advertisement එක click කරලා යන්න.


මේ ලිපි Email මගින්  ලබා ගැනිමට join this site යන්න ක්ලික් කර ඔබේ Email Address එක
ලබා දෙන්න. 

-----------------------------------------සුභ දවසක් ----------------------------------------     

4 අදහස්:

Anonymous said...

ela machanm godak wadagath lepiyak

supun said...

ah thnx machoo comment kalata

Unknown said...

podi prashnayak thiyenawa macho aluth laptop walata
XP danna denne nahane eka unlok karanne kohomada

Anonymous said...

machan mage laga windows 8 ekak thiyanawa ekata mata xp eka daganna oone.

Post a Comment