Friday 14 September 2012

Torrent files IDM එකෙන් බාමු




ඔන්න යාලුවනේ අද මම ආවේ ගොඩාක් වටිනා දෙයක් අරගෙන. ඒ තමයි 
කොහොමද torrent එකෙන් software, movies, videos,....... වගේ ඒවා 
IDM ඒ කියන්නේ Internet Dowload Manager එකෙන් බාන්නේ 
කොහොමද කියලා මේක අපි කරන්නේ website එකක්. අපි වෙන සයිට් වලින් 
file download කරනවා වගේ නෙවෙනේ torrent වලින් download කරද්දි 
ඒකට අපිට වෙනම software එකක් install කරන්න ඕනේ. 
මේ සදහා ගොඩක් software තියෙනවා.
ගොඩක් වෙලාවට අපි මේ සදහා භාවිතා කරන්නේ u torrent, Bit Torrent 
වගේ එවයි. මේ දෙක තමයි ඉතින් ගොඩක් අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 

අපි ඉතින් මේවාගෙන් එකක් install කරලා Download කරන්න ලැස්ති වුනාට
හොද intenet connection එකක් තිබ්බත් ගොඩාක් වෙලා යනවා torrent වලින් 
file එකක් download කරන්න. අපිට IDM එකෙන් විනාඩි 5න් download 
කරන්න යන file එක torrent වලින් download කරද්දි සමහර වෙලාවට 
පැයක් විතර වුනත් යන්න පුලුවන්. ඒ මදිවට torrent වලින් download කරද්දි 
ගොඩක් වෙලාවට upload වෙනවා. මේ හින්දා අපේ වැඩිපුර MB ප්‍රමානයක් 
නාස්ති වෙනවා. මම දැන් කීව එව්ව නම් ඉතින් torrent වලින් download 
කරන අයට විෂේශ දේවල් නම් නෙවේ. 
හරි එහෙනම් මේ කිසිම ප්‍රශ්නයක් නැතිව torrent වල files IDM එකෙන් 
download කරන්නේ කොහොමද කියලා බලමූ. 

මුලින් මම කීවනේ මේකට website එකක් ඕනේ වෙනවා කියලා. පහල
දාල තියෙනවා ඒ website එකේ link එක.  ඒක click කරලා ඒ website එකට
 යන්නකෝ.

                                www.zbigz.com


      ඒ website එකට ගියාට පස්සේ ඔයාලට පල්ලෙහා විදියට තමයි පේන්නේ. 


හරි මේකේ දාල තියෙනවානේ Upload .torrent file කියලා ඒක click කරලා 
ඔයාලට download කරගන්න ඕන file එකේ link එක පෙන්වන්න. 
තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා රූපේ බලන්නකෝ.. 


මේ විදියට select කරලා open කියන එක click කරාම හරි. 
ඊට පස්සේ Go! කියන එක ඔබන්න. 
ඊට පස්සේ ඔයාල  මෙන්න මේ පල්ලෙහා දාල තියෙනවා වගේ website 
එකකට යාවි. ඒකේ මම රවුම් කරලා තියෙන එක click  කරන්න ඒ කියන්නේ 
free කියන option එක. 




හරි එහෙම කරාම torrent file එක upload වෙන්න පටන් ගන්නවා. 
පල්ලෙහා විදියට 



හරි මෙහෙම වෙන්න සුළු වෙලාවක් ගන්නවා. ඒ වෙලාව තීරනය වෙන්නේ file
එකේsize එක ඒ file එක ඇතුලේ තියෙන sub files, internet connection එකේ
speed එක වගේ කාරණා මතයි.. 
මම දැන් ඔයාලට රූපේ පෙන්වපු Internet Download Maneger 6.12 software
එක upload වෙන්න ගත්තේ නම් තත්පර 10කට වඩා අඩු කාලයක්. 

එහෙම upload උනාට පස්සේ පල්ලෙහා විදියට පෙනේවි. 




දැන් ඉතින් තියෙන්නේ Download කියන එක click කරන්න විතරයි. 
ඊට පස්සේ ඔයාල ආයෙමත් අර කලින් ගියපු website එකට යනවා 
දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති ඒ මොකද්ද කියල 
පල්ලෙහා රූපේ දැක්කම ඔයාලට තේරේවී. 


ඒකෙත් ඔයාල free කියන එක select කරන්න 
ඊට පස්සේ පල්ලෙහා විදියට IDM එකෙන් ඒ file එක ඔයාලට download 
කරගන්නට පුලුවන් වේවි. 




සැලකිය යුතුයි: 
මෙහි තිබෙන පින්තූර පැහැදිලිව බලා ගැනිමට අදාල ඒවා මත click කරන්න. 

ඔයාලත් එහෙනම් try කරලා බලන්නකෝ. 

ප්‍රයොජනවත් කියලා හිතනවා නම් comment එකක් දාලම යන්නකෝ 

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



---------------------------------------සුභ දවසක් ---------------------------------------

4 අදහස්:

Unknown said...

නියමයි මචෝ. ඒක හොඳට වැඩකරනවා. Thankx a lot...දිගටම වැඩේ කරගෙන යන්න. GL!

supun said...

Tharaka @ ela

lkbrilliant said...

මේක trick එකක් හැටියට හොඳයි. හැබැයි මේකෙන් torrent කියන දෙයින් වැඩක් ගන්න වෙන්න් නෑ. අනික​ Torrent, IDM එකෙන් download කරනව කියන්නෙ අනිත් අයට කරන ලොකු අසාධාරණයක්.
හැබැයි අපේ වගේ internet connection slow රටවල්වල කොල්ලන් මේක පාවිච්චි කරා කියල ලොකු පඩුවක් වෙන එකක් නෑ.

Unknown said...

එල එල මචෝ මේකත් ගොඩක් හොද විදිහක් එත් පුංචි අවුලක් තියෙනවා .... ඒක තමයි මේක හරහා බාගන්න පුළුවන් 8gb වලට අඩු දේවල් විතරයි .... games බාගන්න කෙනෙක් විදිහට මට 8gb පුංචි වැඩි මොකද අලුතෙන් එන games දැන් 15gb වෙනකම් යනවා ... නමුත් film බාගන්න මේක ගොඩාක් වටිනවා

Post a Comment