Monday 3 September 2012

යාලුවාගේ පරිගණකය Remote Control කරමු




 ඔන්න මම අද ඔයාලට මේ post එකෙන් කියන්න යන්නේ ඔයාලා කාගෙත්
අවධානය ගන්න දෙයක් ගැන. ඒ තමයි  Computer remote control ගැන.
අපි මෙහෙම හිතමුකෝ දැන් ඔයාලගේ යාලුවෙක් ඉන්නවා එයාට ඉතින් ඔය 
computer වල නිතර භාවිතා වෙන software install, cracking වගේ  තව 
තව ඒවා දන්නේ නෑ ඒවා කරන්න තේරෙන්නේ නෑ.
යාලුවා ඉන්නේ එයගේ ගෙදර ඔයා ඉන්නේ ඔයාගේ ගෙදර   නැත්තම් 
කැම්පස් එකේ එහෙම නැත්තම් Office එකේ වගේ ඒ යාලුවගේ ඉන්න
 තැනට ගොඩාක් දුරින් නම් ඔයාට ඒවා කියලා දෙන්න ගියාම
මාර කට්ටක් කන්න වෙනවා. 
           ඔන්න එයා ඔයාගේ ලගම නෑයෙක් , 
           යාලුවෙක්  නම් phone එකෙන් විස්තර  කියලා දෙන්න පුලුවන් ඒ වුනාට
 එහෙම කලත් එයට ඒව තෙරුම් ගන්න පුලුවන්ද කියලා
ආයෙත් හිතන්න ඕන කාරනයක් ඒ මදිවට phone එකේ සල්ලිත් කැපෙනවා
Facebook වගේ ඒවගින් විතරක් set වුන යාලුවෙක් නම් ඉතින් ඔය phone
 එකේන් Call කරනවා කියන එක බොරුනේ කවුද අපිට number එක 
දෙන්නේ  එයා facebook එකේ online ඉන්නවා නම් ඉතින් chat කර 
කර ඒවා කරන විදිහ පියවරෙන්  පියවරට කියන්න ඕනේ යාලුවාට 
එහෙම කියලත් තේරෙන්නේ නැත්තම්
ඔයාලට හිතිල ඇති මෙහෙම chat කරනවට වඩා ලේසී එයගේ ගෙදර 
ගිහින් මමම කරන්න එක කියල
හිතුනට ඉතින් ගෙදර යන්න කෝ address

හරි හරි මේ හැම ප්‍රශ්නයකටම විසදුම මේ පුංචී software එකෙන් ලබාගන්න 
පුලුවන් ඒක නමින් කීවොත් Teamviewer  මේක free දෙන software එකක්
Commercial Edition එක නම් සල්ලි දීල ගන්න ඕනේ අපිට ඉතින් ඒකෙන් 
වැඩක් නෑ Free දෙන එක හොදටම ප්‍රමානවත්  
මේකෙන් කරන්නේ ඔයාගේ යාලුවගේ පරිගණකය අපිට ඕනේ විදියට 
remote control කරන්න පුලුවන්
ඔයාගේ යාලුවා කොහේ හිටියත් එයටයි ඔයාටයි internet connection 
එකක් තියේ නම් ඉතින් ඔයාටම එයගේ පරිගණකයට ඇතුලු වෙලා ඒ 
නොදන්න ඒවා කරල දෙන්නකිසිම අමාරුවක් නැතිව හැබැයි එයගේ 
පරිගණකය බලෙන් ඇතුලු වෙන්න නම් බෑ
එයාගේ කැමැත්ත තියෙන්න ඕනේ  පරිගණකයට ඇතුලු වෙන්නේ ඔයා 
නම් ඔයාට  256kbpsට වඩා වැඩි connection speed එකක් තියෙන්න ඕනේ
නැත්තම් එයාගේ computer එකේ live update ගන්න අමරුයි  
  හරි මම කියල දෙන්නම් කොහොමද remote control කරන්නේ කියලා
එකටම මේ software එක download කරගන්නකෝ  


දැන් software එක install කරලා open කරාම ඔයාලට මේ පහල විදියට
පෙනේවි(මම දාල තියෙන්නේ ටිකක් පරණ Version එකක photo එකක් 
අලුත් version එක මීට වඩා වෙනස් වෙන්න පුලුවන්)

මේකේ තියෙන Your ID ,Password කියන ඒවගෙන් තමයි මේ වැඩේ 
කරන්නේ දැන් ඔයාට ඕනේ ඔයාගේ යාලුවගේ පරිගණකය remote 
control කරන්න නම් එයා ලගත් මේ software එක install කරලා
 තියෙන්න ඕනේ මොකද ඒ වැඩේට ඕනේ වෙනවා එයාගේ Your
 ID and Password ඒවා  එයාගෙන් ඉල්ලාගෙන Partner ID කියන තැන 
එයාගේ ID එක ගහන්න ඕනේ

ඊට  පස්සේ ඒ ID එක ගහලා Connect partner කියන එක press කරන්න
ඊට පස්සේ ඔයාලට එයි  ඔයාලට window එකක් ඒකේ එයගේ password 
එක ගහන්න ඕනේ ඒක ගැහුව ගමන් ඔයාගේ යාලුවගේ පරිගණකය 
remote control කරන්න පුලුවන් 
ඉතින් ඔන්න ඔහොමයි කරන්නේ
මේ software එකෙන් remote control විතරක් නෙවේ File Transfer 
වගේ ගොඩක් දෙවල් පුලුවන් 

ප්‍රයොජනවත් කියලා හිතනවා නම් comment එකක් දාලම යන්නකෝ 

----------------------------- සුභ දවසක් --------------------------------

3 අදහස්:

Anonymous said...

meke license key eka hoyala denna puluwanda loku udauwak.......

supun said...

meka 100%k free bn home userslata

SLXhub said...

Thanks machan..

Post a Comment