Wednesday 26 September 2012

Facebook එකේ අනවශ්‍ය Messages ඔක්කොම ලේසියෙන් Delete කරමුද? කැමති නම් ඔක්කොම උනත් එකසැරේ Delete කරන්නත් පුලුවන්.(Firefox හා Google Chrome සදහා )

        ඔයාල දන්න දෙයක් තමයි Facebook වල තියෙන messages සියල්ල
එක සැරේ delete කරලා දාන්නට අපිට Facebook මගින් නොහැකී කියන එක.
මොකද facebook වලින් එහෙම පහසුකමක් මේ වෙනකන් අපිට ලබා දීල නෑ
ඉතින් අපිට messages delete කරන්න වුනාම කරන්න වෙන්නේ අපිට
messages එවපු අයගේ message වලට වෙන වෙනම ගිහින් එකින් එක Delete All
කරන්න වෙන එකයි.
ඉතින් මේ විදියට කරපු අය ඉන්නවා නම් ඉතින් දන්නව ඇතිනේ වැඩේ ලේසි නෑ
කියන එක. මොකද සමහර අයගේ inbox එකේ unread messages සමහර වෙලාවට
300ටත් වඩා තියෙනවා. මේ ප්‍රශ්නේ හුගක් වෙලාවට තියෙන්නේ ගොඩාක්
Facebook Friendsලා ගොඩක් ඉන්න ගැහැනු පාර්ශවයේ අයටයි.
ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද මේ messages ඔක්කොම එහෙම
නැත්තම් අපිට අනවශ්‍ය messages සියල්ල ලෙසියෙන් delete කරලා දාන්නේ
 කොහොමද කියලයි. මේ සදහා අපිට උදව් වෙන්නේ අපේ web browser එකයි.
ඒකට විශේෂිත ADD ONS / Extension එකක් දා ගන්න වෙනවා. මම මේකෙන් කියන්න
 යන්නේ Firefox,Google Chrome වලට ඒ විදියට ADD-ONS/ Extension එකක් Add
 කරගන්නේ කොහොමද කියලයි.

Firefox සදහා.... 
 

මේ සදහා ඔයාල යන්න ඕනේ මෙන්න මෙතන click කරලා ඒ ADD ONS එක
download කරගන්න


හරි ඔයාල මේ ADD-ONS එක Download කරලා install කරලා Firefox Browser 
එක Restart කරලා Firefox වලින් ඔයාලගේ facebook account එකට ගිහින් 
All Messages බලන්න ඔයාලට පල්ලෙහා විදියට පෙනේවි ආපු අයගේ messages.  



මේකේ මම රතු පාට ඊතල වලින් පෙන්නල තියෙන රතු පාට කතිර click
කරාම අපිට ලේසියෙන්ම අපිට අනවශ්‍ය අයගෙන් ආපු messages ලේසියෙන්ම
delete කරලා දාන්න පුලුවන්.
මම රවුම් කරල තියෙන Excluir Tudo කියන එක click කලාම ඔක්කොම එක සැරේ
messages delete කරලා දාන්න පුලුවන්.

Google Chrome සදහා..... 


මේ සදහා ඔයාල යන්න ඕනේ මෙන්න මෙතන click කරලා ඒ Extension එක
Download කරගන්න 
ADD TO CHROME කියන එක click කරන්න 
ඊට පස්සේ මෙන්න මෙහෙම Dialog Box එකක් ඒවි. ඒකේ Add කියන එක 
click කරන්න. 


එහෙම click කලාට පස්සේ ඔයාලට මේ Extension එක Add උනා කියලා 
දැනගන්නට ලැබේවි. Web Browser එක Restart කරලා 
ඊට පස්සේ කලින් විදියටම messages වලට ගිහින් බලන්නකෝ. 


හරි එහෙනම් ඉතින් ඔයාලත් try කරලා බලන්නකෝ.. 

ප්‍රයොජනවත් කියල හිතනවා නම් comment එකක් දාල යන්න 


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


-------------------------------සුභ දවසක්------------------------------------


0 අදහස්:

Post a Comment