Sunday 9 September 2012

Facebook එකේ photo album එකක photos ටික එකපාර Download කරමුද?

     

 ඔන්න අද මම ආවා facebook එකේ ඉන්න යාලුවෝ හැමෝටම ගොඩාක්
වැදගත් වෙන post එකක් අරගෙන.ඔයාල දැකලා තියෙනවානේ facebook එකේ
එක එක අයගේ account වල එක එක වර්ගයේ photo තියෙනවා.මේවා ගොඩාක්
වෙලාවට තියෙන්නේ album විදියට.
ඔන්න හිතන්නකෝ ඔයාගේ යාලුවෙක් ඔයා ගිය විනෝද චාරිකාවක හරි එහෙම
නැත්තම් මොකක්හරි ඔයා හිටපු උත්සවයක හරි ඔයාට වැදගත් වෙන අවස්ථාවක
ඒ යාලුවා ගත්තු photos facebook එකට දාල තියෙනවා කියලා.
කොහොමත් ඉතින් ඒ වගේ වැදගත් photos දාන්නේ ඉතින් album වලට තමයි.

 ඉතින් දැන් ඔයාට ඕනේ වෙලා තියෙනවා ඒ photos ඔයාට download කරගෙන
හැමදාම ඔයා ලග තියා ගන්න.ඉතින් මොනවද ඔයා කරන්නේ ඒ යාලුවාගේ
 ඒ photo album එකට ගිහින් එක එක photo එක click කරලා ඒ click කරපු
photo load වෙනකන් ඉදලා උනාට පස්සේ photo එක උඩ Right click කරලා
ඉතින් අපේ PC එකට save කරගන්නවා. යාලුවා photos 50-60ක් එහෙම
 නැත්තම් ඊට වැඩියෙන් එහෙම album එකට දාල එහෙම තිබ්බොත් ඉතින් ඒ
ඔක්කොම photo download කරද්දි හොද පණ යනවා ඒ download කරන වැඩේ
පස්සේ අතහැරලා දානවා.
ඉතින් අද මම කියන ක්‍රමෙන් නම් ඔයාලට කිසිම අමාරුවක් නැතිව photo album
එකම එක සැරේ download කරගන්න පුලුවන්.ආයේ web browser වලට
add on install කර කර ඉන්න ඕනේ නෑ .
මේක කරන්නේ ඉතින් facebook එකේම තියෙන application එකකින්.

දැන් ඉතින් album download කරගන්න ඕනේ අය ඉන්නවා නම් මෙන්න මෙතන 
click කරලා ඒ application එකට යන්නකෝ.
දැන් ඒ application  එකට ගියාට පස්සේ පල්ලෙහා විදියට පෙන්න ලැබෙවි.


මේකේ login with facebook කියන එක click කරලා user name , password
දෙන්න. ඔයාල මේ application එකට එන්න කලිනුත් facebook account එකට
login වෙලා නම් හිටියේ ආයේ අමුතුවෙන් user name , password දෙන්න ඕනේ නෑ
ඊට පස්සේ පල්ලෙහා විදියට ඔයාලට දකින්න ලැබේවි..



මේකේ Go to App කියන එක click කරන්න.
ඊට පස්සේ පල්ලේහා විදියට ලැබේවි.




ඉහත photo එකේ තියෙන විදියට One your friends: කියන තැන ඔයාගේ යාලුවාගේ
නම ටයිප් කරලා Next කියන එක click කරන්න.
ඊට පස්සේ පල්ලෙහා විදියට දකින්න ලැබේවි.


දැන් ඉතින් ඒ යාලුවාගේ කැමති album එක select කරලා Download කියන එක
click කරන්න.
ඊට පස්සේ ඉතින් පල්ලෙහා විදියට දකින්න ලැබේවි.


ඒකේ Download කියන Button එක click කරලා ඒ Download වෙන photos ටික pc එකට
save වෙන තැන පෙන්වන්න ඊට පස්සේ zip file එකක් විදියට ඒ photo album එකම
ඔයාගේ pc එකේ download වෙලා තියේවි.

වැදගත් වුනා කියලා හිතනවා නම් comment එකක් දාලම යන්නකෝ


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


-------------------------------------සුභ දවසක්-------------------------------------- 


2 අදහස්:

Anonymous said...

Great work bro ! thnx

supun said...

thnx

Post a Comment