Friday 8 March 2013

Windows 8 වලට සුපුරුදු Start Menu එක දාගනිමුද?


                                      අපි බොහොම ඉක්මනට දියුණු වුනත් අපේ පරණ පුරුදු එහෙම ලේසියෙන්
අමතක කරන්න බැහැනේ. ඒක ඉතින් අපේ පුරුද්ද. අද මම කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැන
තමයි.  මෑතකදි නිකුත් වුන Windows 8 ගැන තමයි මම කියන්න යන්නේ. ඔයාල අතරින් Windows 8
භාවිතා කරපු අය දන්නවා Windows 8 වල තියෙන Start Menu එක අනිත් Windows OS වලට වඩා
වෙනස් කියන වග.
ඒ කීවේ අපි කලින් භාවිතා කරපු Windows  XP, Vista වගේම දැනටමත් ඔයාලා ගොඩක් දෙනා
භාවිතා කරන Windows 7 වල තියෙන Start Menu එකත් එක්ක බලද්දි Windows 8 වල තියෙන 
Start Menu එක ගොඩක් වෙනස්. Windows 8 වල තියෙන්නේ Tile ආකාරයට සකස් වුන Menu 
එකක්. ඉතින් ඒ කාලේ ඉදන් අපි පුරුදු වෙලා තියෙන ආකාරයට මේ Start Menu එක Windows 8 වල
නැති නිසා ඔයාල ගොඩාක් දෙනා මේ Start Menu එක භාවිතා කරද්දි නුහුරු බවක් දැනෙනවා. 

ඉතින් ඒ නැතිවුන Start Menu එක Windows 8 වලට ලබා දෙන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා එකක් 
හම්බුනා.  මේ software එක නිර්මාණය කරලා තියෙන්නේ Windows 7 වල Start Menu එකට 
සමාන ආකාරයට.  එහෙනම් පහලින් ඒක Download කරගන්න. 

                                                       Download Start Menu 8

        ඉතින් මේ software එක හදලා තියෙන්නේ අපිට ලේසියෙන් Windows 7හි තියෙන පහසුකම් 
ගොඩාක් එකතු කරලා.ඒ හින්දා අපිට ලේසියෙන්ම file සොයා ගන්න එහෙම පුලුවන්.  මේ Software
 එක Install කලාට පස්සේ ඔයාලගේ Key Board එකේ Windows Key එක Press කලාට පස්සෙත් එන්නේ මේ Start Menu එක කියලා කියන්න ඕනේ. 
ඔයාලට ඕනේ නම් කලින් තිබ්බ Windows 8 වලට ආවේණික Start Menu එක ගන්න Alt + X ඔබන්න විතරයි තියෙන්නේ. එතකොට පල්ලෙහා ඒ Smart Menu එක දැක ගන්න පුලුවන්. 



ඒ විතරක් නෙවේ මේක 100%ක්ම Free දෙන Software එකක් හින්දා කිසිම කරදරයක් නැතිව 
Download කරගන්න පුලුවන් ඔයාලට. 

හරි ඔයාලත් උත්සහා කරල බලන්නකෝ. හැමදාම කියනවා වගේ මේ Post එක වැදගත් වුනා නම්
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



3 අදහස්:

Post a Comment