Thursday 11 October 2012

සුපිරි විදියට file Compress කරමු.

               අද මම කියන්න යන්නේ ගොඩක් අය නොදන්න file compress කරන්න
ඒ කියන්නේ file සම්පීඩනය කරලා තියා ගන්න පුලුවන් software එකක් ගැන.
ඔයාල අතර ගොඩක් ප්‍රසිද්ධ file compress කරන software ගැන කීවොත් ඔයාලා
ගොඩක් අයට මතක් වෙන්නේ ඉතින් Winrar එහෙම නැත්තම් ඉතින් 7zip වගේ
ඒවානේ.
ගොඩාක් අය ඉතින් භාවිතා කරන්නේ Winrar කියන මෘදුකාංගය තමයි.  හැබැයි
මේක free දෙන software එකක් නම් නෙවේ. trial කාලෙන් පස්සේ අපිට සල්ලි දීල
 ගන්න වෙනවා. ඉතින් අපි කරන්නේ මේක crack කරලා පාවිච්චි කරන එක. කලින්
කීව 7zip කියන මෘදුකාංගය නම් ඉතින් free දෙන එකක්. ඒ වුනාට ඉතින් ඒකෙන්
ඒක Winrar තරම්ම හොද නෑ.
මේ මෘදුකාංග දෙකෙන්ම අපිට file compress කරන්න පුලුවන්. ඒ උනාට මම අද කියන්න
කියන මෘදුකාංගයෙන් මේ හැම එකකටම වඩා හොදට  file compress කරන්න පුලුවන්.
ඒ කියන්නේ සමහර file අපිට පුලුවන් 1%ක දක්වා compress කරන්න.
තේරෙන්න කීවොත් ඉතින් 100MB file එකක් 1MB වෙනකම් වුනත් කරන්න පුලුවන්.
හැබැයි කියන්න ඕනේ මෙහෙම compress කරන file ආයේ Extract කරන්න නම්
ඉතින් මේ මෘදුකාංගයම ඕනේ වෙනවා.


උඩින් තියෙන පින්තූරේ බැලුවම ඔයාලට පෙනේවි මෙහි file compress කරන්න
Level 10ක් විතර තියෙනවා. මේකේ Maxium කියන Level එකට දීලා compress
කලාම තමයි අපිට සැලකිය යුතු ප්‍රමාණයෙන් file එකේ size එක පොඩි කරගන්න පුලුවන්.
ඒත් දෙයක් කියන්න ඕනේ මේ Maxium කියන එක පාවිච්චි කරන්න නම් අපේ
පරිගණකයට හොද facility එකක් තියෙන්න ඕනේ.
අනිත් ඒවගෙනුත් සැලකිය යුතු සම්පීඩනයක් අපිට බලා ගන්න පුලුවන් වේ.
හැබැයි කියන්න ඕනේ දේවල් ටිකකුත් තියෙනවා. මෙහෙම file හැම එකක්ම 
අපිට compress කරන්නට නම් බැහෑ. ඒ කියන්නේ Video වගේ format වල ඒවා
compress කලාට කිසිම වැඩක් වෙන්නේ නම් නෑ. 
තව එකක් කියන්න ඕනේ මෙහෙම compress කරද්දි මේ මෘදුකාංගයෙන් අපිට 
සැලකිය යුතු වෙලාවක් නම් යනවා. ඒ කියන්නේ 1GB file එකක් compress කරන්න 
ගොඩක් වෙලා යනවා. 
ඒ වුනාට අපේ computer hard එකේ තියෙන අපි නිතර පාවිච්චි නොකරන file එහෙම 
මේකෙන් compress කරලා තියා ගන්න පුලුවන්. සැලකිය යුතු සම්පීඩනයක් ලැබුනා 
කියලා අපේ file Damage වෙන්නේ එහෙම නෑ. 
ඒ හින්දා ඉතින් බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්. කියන්න අමතක වුනා මේක 
freeware මෘදුකාංගයක් හින්දා අපිට ජීවිත කාලෙම නොමිලේම පාවිච්චි කරන්නට 
පුලුවන්. 

                                            Download KGB Archiver


Download කරන ආකාරය 

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


හරි එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.

වැදගත් වුනා කියලා හිතනවා නම් comment එකක් දාලම යන්න හොදේ.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


-----------------------------------සුභ දවසක් -------------------------------

0 අදහස්:

Post a Comment