Friday 2 May 2014

ඔබගේ පරිගණකය Viruses වලට ආසාදනය වී ඇති නැති බව දැන ගන්නේ කෙසේද?



                                                        බොහොමයක් පරිඝණක වලට Virus ආසදනය වී පසුව ඒවා
 භයානක තත්වයට පත් වීමට හේතුවක් වන්නේ එම පරිගණක වලට Virus ආසදනය වි ඇතිද නැත්ද
යන්න සොයා ගැනීමට තරම් දැනුමක් අප හට නොමැතී වීම නිසා කීවොත් නිවැරදිය.එහෙත් Virus
එකක් අප පරිඝණකයට ආසදනය වූ සැනින් එය දැන ගත හැකිනම් එමගින් අප පරිඝනකයට
 එමගින් සිදුවන්නට නියමිත මාරන්තික හානිය අවම කල හැකි බව ඔබ දන්නවාද?
හොදයි අද මම මේ ලිපියෙන් බලාපොරොත්තූ වන්නේ Virus නිසා පරිඝනකයේ  සිදුවන වෙනස් වීම්
ගැන ඔබගේ අවධානය යොමු කරවීමයි.


ඔබගේ පරිඝනකය Virus ආසාදනයෙන් පෙලේ යැයි සැකකලයුතු කාරණා කීපයක්
 මම දැන් ගෙන එන්නම්.

1.පරිඝණක වැඩසටහන් නිසි ලෙස ආරම්භ නොවීම හෝ ඒවා ක්ෂනික බිද වැටීම. 


          ඔබගේ පරිඝණකයේ ඇති Task Manager, registry editor වැනි System Programs කිසිම හේතුවක් නොමැතිව ක්ෂණිකව ක්‍රියා විරහිත වීම සහ ඒවා අහඹු ලෙස බිද වැටීමක් (Crash) සිදු වේ නම් මෙයට  වඩාත් හේතුව විය හැක්කේ Virus ආසාදනයකි.  එම වයිරසය පරිගණක වැඩසටහන් සමග සම්බන්ධ (Attach) වී ඒවාගේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමත් ,  මෙම වයිරසය මගින් registry entry වෙනස් කිරීම හේතුවෙන් මෙම වැඩසටහන් නොනවත්වා එකදිගට ක්‍රියා කිරීම වැලැක්වීමත් මෙයට හේතුව වන්නට ඇත. 

 2. අසමාන්‍ය ලෙස Internet පරිභෝජනය.


ඔබ ඔබගේ පරිගණකයේ Web Browser එක close කලත් අනෙකුත් application මගින් අසාමන්‍ය 
විදියට Internet පරිභෝජනය කරන්නේ නම් (Downloading ,Uploading  වැනි) මෙයට වඩාත්ම 
හේතුව විය හැක්කේ ඔබේ පරිඝණකය spyware අන්දමේ වයිරසයක් ආසාදනය වී තිබීමයි. 
එම වයිරසය මගින් අනෙකුත් වයිරස් අප පරිණකය තුලට Internet එක හරහා ගෙන ඒමත්
( Downloading other Viruses ) ඔබගේ පුද්ගලික තොරතුරු(Saved Passwords වැනි ) වෙනත්
 Remote Computer එකක් හෝ කීපයක් තුලට රැගෙන යාමත්(Uploading private information to 
remote computers) මෙමගින් සිදු කරයි. 


3. ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාව (Internet Connection) ක්‍රියා විරහිත වීම හෝ එය මන්දගාමි (slow) වීම 


ක්ෂනිකව ඔබගේ Internet connection එක ක්‍රියා විරහිත වුවහොත් හෝ අධික ලෙස Slow වීමක් 
සිදු වුවහොත් එයත් වයිරසයක බලපෑමක් විය හැක. 

(එහෙත් ඔබට Internet සපයන Internet Provider එකේ දෝෂයක් නම් ඒත් මේ විදියට විය හැක. )


4. කරදරකාරි Pop up webpages display වීම සහ ඔබගේ අනුදැනුමකින් තොරව ඔබව අමුතුම විදියේ website වලට රැගෙන යෑම.


ඔබ Internet එක තුල browsing කරනවිට මෙවැනි කරදරකාරි Pop up වෙන webpages විශාල
 ප්‍රමාණයක් ඔබට හමුවේනම් මෙයත් වයිරසයක බලපෑමක් යැයි සැක කල හැක. එහෙන්ම ඔබ
 website එකකට යනවිට එම website එකට නොයා අලුත්ම අමුතුම ආකාරයේ website 
එකකට ඔබව ගෙන යයි නම් එයද සිදුවන්නේ මේ Virus බලපෑම නිසාය.

5. ඔබේ  පරිගණකය boot නොවීම.

 
මෙම කාරණය නම් නිතර අහන්න ලැබෙන දෙයක්. ඔබේ පරිඝණකයේ Hardware වල අවුලක් නොමැතිව පරිගණකය නිතර නිතර restart වීමත් පසුව ටික කාලෙකින් සම්පුර්ණයෙන්ම boot නොවේ
නම් මෙයට වඩාත්ම හේතුව විය හැක්කේ Virus බලපෑමක් යැයි කිව හැක.

නැවත Operation System එකක් install කිරීමෙන් හෝ තිබෙන Operation System එක Repair
 කිරීමෙන් මේ ප්‍රශ්නය මගහරවා ගත හැක.

6. පරිඝණකය Slow වීම.


 ඇතැම් Virus Design  කර ඇත්තේ මේ අරමුණ සදහා කීවොත් නිවැරදි. Malware  ප්‍රෝග්‍රැමස්ලට 
පුලුවන් වෙලා තියෙනවා ඔබගේ පරිඝණකයේ CPU Usage level එක100%ය දක්වා වැඩි කිරීමට
 සමත් වයිරස් නිර්මාණය කිරීමට .  ඔබේ පරිඝනකයේ ඇති Task Manager එක මගින් එම වයිරසවල ක්‍රියාකාරිත්වය ඔබට වටහාගත හැක. 




7. පරිඝණක වැඩසටහන් ස්වංක්‍රියව ආරම්භ වීම.


ඇතැම් පරිඝණක Virus නිපදවා තිබෙනවා ස්වංක්‍රීයව අමුතු ආකාරයේ පරිඝණක වැඩසටහන් ආරම්භ
කරවීම පිනිස. මෙමගින් අපිට අවශ්‍ය නොවන පරිඝණක වැඩ සටහන් පෙන්වනු ලබයි. බොහොවිට
මෙය සිදුවන්නේ adware වැනි Virus ආසාදනයකිනි. 

8. Security Softwares ක්‍රියා විරහිතවීම.


ගොඩක් වයිරස් මගින් ඇතැම් Antivirus softwares හා firewall  ක්‍රියාවිරහිත කරනු ලබයි. මෙසේ
 කිරීමෙන් මේ වයිරස් අපේක්ෂා කරනුයේ තම ප්‍රචාරනය සදහා සුදුසු පසුබිමක් පරිඝණකය තුල 
ස්ථාපනය කරලීමයි. 

9 පරිඝණකයේ අරුම පුදුම හැසිරීම. 


ඔබේ පරිඝණකය ස්වංක්‍රියව e mail යැවීම හා අමුතුම ආකාරයේ application අහඹු ලෙස ආරම්භ වීම 
එහෙමත් නැතහොත් පරිඝණයේ හැසිරීම සමාන්‍ය ආකාරයට වඩා වෙනස් නම් එයටද වඩාත් හේතුව 
මෙම වයිරස විය හැකිය. 



හරි මම හිතනවා ඔයාලට මේ ලිපිය කියවීමෙන් කිසියම් හෝ අදහසක් වයිරස් සම්බන්ධව හා
එහි ක්‍රියාකාරිත්වය පිලිබදව දැන ගන්නට ඇතැයි කියලා හිතනවා.

ඔයාලට මේ ලිපිය වැදගත් උනා කියලා හිතනවා නම් පහලින් comment කරල යන්න .

අන් අයගේ දැන ගැනීම පිනිස මෙම ලිපිය Share කිරිමට කාරුණික වන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න




--------------------------------------------සුභ දවසක්----------------------------------------- 


0 අදහස්:

Post a Comment