Tuesday 6 May 2014

Extension, Add-Ons install කරන්නේ නැතිව යවපු Friend Requests බලමුද?

                                                     හොදයි මම මේ ලිපියෙන් කියන්නේ ගොඩක් අපේ යාලුවොන්ට
වැදගත් වෙන දෙයක් ගැනයි. ඒ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ගොඩක් අය
මේ ගැන මගෙන් ඇහුවා කොහොමද යවපු Friend Requests cancel කරන්නේ කියලා. ඉතින්
මට මේකට ක්‍රමයක් හම්බුනා කැමති නම් ඔයාලා මේ ලිපිය කියවලා ඒ ගැන දැන ගන්න.
මීට වඩා හොද ක්‍රම තියේ නම් ඔයාල අතර ඒ බව comment එකකින් හරි facebook message එකකින්
හරි මට දන්වන්න කියා කියනවා.

හරි මෙහෙමයි එක කරන්නේ

I ක්‍රමය 


ඔයලට කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක්.  පහත Link එක click කරලා
ඔයාල යවපු Friend Request ටික බලාගන්න.(මුලින්ම ලැබෙන
Adfly webpage එක skip කර අදාල webpage එකට යන ලෙස කාරුණිකව මම ඔබෙන් ඉල්ලනවා. )

Click Here To View Sent Request

එතකොට මේ විදියට පෙනේවි.




II ක්‍රමය 


මේකට ඔයාලා facebook වල mobile interface එක පෙන්වන website එකට යන්න ඕනා බය
වෙන්නකාරි නෑ පහල දාලා තියෙනවා විදිහ.

https://mbasic.facebook.com/

ඔය ලින්ක් එක කරලා ගියාම මේ site එකේ navigation bar එකේ තියෙනවා Friends කියලා
Tab එකක් ඔයාල අන්න ඒක click කරන්න.
ඔයාලගේ දැන ගැනීමේ පහසුවට මම ඒක රතු පාටින් ලකුණු කරලා තියෙනවා.




ඒ Tab එක click කරාම පහල රූපයේ විදියට webpage එකක් ඔයාලට පෙනෙන්නට ලැබේවි.
ඒකේ රතු පාටින් Circle කරලා තියෙන Requests යන්න click කරන්න.




ඊට පස්සේ එන Page එකේ View Sent Request කියලා එකක් පෙනෙන්නට ලැබේවි. 



මෙමගින් පුලුවන් ඔයාලට කාටද friend request දැන්මේ කියලත් ඒ දැමූ Request cancel කරන්නත්.
පහල රූපයේ බලන්නකෝ. 


හරිනේ වැඩේ තේරුනා නේද?

ඒත් පොඩි ප්‍රස්ණයක් වෙන්න ඉඩ තියෙනවා.  ඒ තමයි සමහර අයගේ මගේ විදියට වඩා වෙනස්
විදියට මේ mobile interface එක තියෙන්නට පුලුවන් ඉතින් ඒ අයට කරන්න තියෙන්නේ පහල
තියෙන  ලින්ක් එක click කරලා කෙලින්ම ඒ webpage එකට යන එකයි. (මුලින්ම ලැබෙන
Adfly webpage එක skip කර අදාල webpage එකට යන ලෙස කාරුණිකව මම ඔබෙන් ඉල්ලනවා. )

Click Here To View Sent Request

එහෙනම් මෙම ලිපිය වැදගත් වුනා කියලා හිතනවා නම් පහලින් Comment කරලා යන්නකෝ.
අන් අයගේ දැන ගැනීම පිනිස මේ ලිපිය Share කිරීමට කාරුණික වන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



--------------------------------------------------සුභ දවසක්---------------------------------------------

0 අදහස්:

Post a Comment