Sunday 1 September 2013

ඔබගේ පරිඝණකයේ Delete කල නොහැකි files තිබේද? එහෙනම් මෙන්න විසදුම.




                                                          නිතර නිතර පරිඝණක භාවිතා කරන ඔයාලට හමුවෙලා 
ඇතිනේ Delete කරගන්න හැදුවට Delete වෙන්නේ නැති files . ඇත්තම කියනවා නම් මටත් 
අනන්තවත් හම්බේලා තියේ. මොනම වැඩ කෑලී දාල බැලුවත් Delete කරන්න බැරි ඒවා. 
හරියට Windows වල files වගේ ඒවා. සමහර වෙලාවට Virus infected ඒවා නිසා සෑදුන files .
ඉතින් මෙන්න මෙහෙම files අපේ Desktop එකේ එහෙම නැත්තම් අපේ Hard Disk එකේ
partition වල අනන්තවත් දැකලා ඇති.
ඉතින් මටත් මෙහෙම file ටිකක් හම්බුනා මගේ Computer එකෙදි. ඉතින් මම මොන
 විදියට Try කරලා බැලුවත් මට පුලුවන් වුනේ නැහැ  මේවා ටික Delete කරන්න. 
පස්සේ Google එකේ රවුමක් ගහල බලනකොට හම්බුනා නියම software එකක්.  මේකෙන් 
Folders,files delete කරනවට අමතරව Rename,Move පවා කරන්න පුලුවන්. 

ඒ කිවේ මොනම විදියටකටවත් Delete,Rename,Move කරන්න බැරි files හරිද. 

හොදයි එහෙනම් ඔයාල පහලින් ඒ software එක Download කරගන්නකෝ. 
අහ්හ් අමතක වුනානේ මේ software එකේ නම තමයි Unlocker .


100%ක් free දෙන software එකක් හින්දා Crack,Patch කරලා Computer එක සවුත්තු 
කරගන්න ඕනා නෑ. 

පහල දාලා තියෙනවා මේ software එකේ screenshots ටිකක්. 






 එහෙනම් ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා හොදයි ද නියමෙට වැඩ කරනවද කියලා
 බලන්නකෝ. 


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



             -----------------------------------සුභ දවසක් ----------------------------------


0 අදහස්:

Post a Comment