Friday 8 February 2013

Portable softwares හදමු.


                                           අද මම ඔයාලට මේ post එකෙන් කියන්න යන්නේ කොහොමද
අපි software එකක් Portable විදියට හදා ගන්නේ කියලයි. අපිට මේ විදියට portable softwares
හදා ගත්තම තියෙන වාසිය තමයි අපි කොහේහරි ගමනක් යනවිටදි අපි නිතරම අපේ Laptop
එක ගෙනියන්නේ නැහැනේ. ගොඩාක් වෙලාවට ඉතින් Pen Drive එක තමයි අපි ගාව
නිතරම තියෙන්නේ. ඉතින් අපිට ඕනේ වුනා කියමු Photoshop භාවිතා කරලා Picture එකක්
Edit කරන්න කියලා. ඉතින් අපි කරන්න වෙන්නේ Internet Cafe එකකට ගිහින් මේ වැඩේ කරගන්නයි.
එහෙම ගියා කියල ඉතින් ඒ  Internet Cafe එකේ අපි තෝරගත්තු පරිගණකයේ Photoshop install කරලා
නැත්තම් මේ වැඩේ කරගන්න වෙන්නේ නෑ. ඉතින් අපි Pen Drive එකක Portable විදියට
හදා ගත්තු Photoshop software එක අරන් ගියොත් අපිට කිසිම අපහසුවකින් තොරව  ඒ අපේ
වැඩේ කරගන්න පුලුවන්.

හරි එහෙනම් අපි වැඩේට බහිමු. මේකට ඔයාලට ඕනේ වෙනවා පොඩි aspplication එකක්.
පල්ලෙහයින් ඒක Download කරගන්නකෝ.

                                            Download  Cameyo 

හරි ඒ Download  කරගත්තු application එක open කරලා Studio කියන එක click කරාම
පල්ලෙහා විදියට ඔයාලට පෙනෙන්න ලැබේවි.





හරි ඊලගට මේ රූපයේ Capture app locally කියන එක Click කරන්න ඊට පස්සේ පල්ලහා
විදියට අපේ Desktop Screen එකේ දකුණු පැත්තේ පහලින් පෙනෙන්ඩ ලැබේවි.



ටික වෙලාවකට පස්සේ මේ පල්ලෙහා රූපේ විදියට පේන්න ලැබේවි.


හරි මෙහෙම වුන ගමන් තමා ඔයාල Portable කරන්න හිතාගෙන ඉන්න software එක
install කරන්න ඕනේ.Web Browser එකක් portable කරන්න හිතා ගෙන ඉන්නවා නම් ඉතින්
Flash Player වගේ අනෙකුත් ඇඩෝන සියල්ලම මේ මොහොතෙදි install කරන්න.

එහෙම install කලාට පස්සේ ඉහත රූපයේ තියෙන install done කියන Button එක ඔබන්න
 ටික වෙලාවකින් පස්සේ මේ Portable software එක Create වෙලා ඔයාලට ඒක තියෙන
Path එක පෙන්නාවී.

ඔයාලට ඕනේ නම් මේ portable software එකෙන්ම වැඩ කරන්න පුලුවන් අනිත් install කරගත්තු
software එක uninstall කරලා.



එහෙනම් ඔයාලත් try කරලා බලන්න..
ප්‍රයොජනවත් වුනානම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



--------------------------------------සුභ දවසක්------------------------------------------

0 අදහස්:

Post a Comment