Sunday 17 February 2013

Pen Drive එකෙන් Computer එක Lock කරමුද?



                 

                        හරි මම අද ඔයාලට කියන්න යන්නේ ගොඩාක් වැදගත් වෙන දෙයක් ගැන
තමයි. අද මම මේ post එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද අපේ Pen Drive එක
මගින් අපේ පරිගණකය Lock කරන්නේ කියලයි.
හරි ඉතින් කරන්න තියෙන්නේ ඉතින් මෙච්චරයි මේ වැඩේ කරන්න අපිට ඕනේ වෙනවා
Predator කියන පොඩි software එක. එහෙනම් ඔයාල පහලින් ඒක download කරගන්නකෝ.

32 bit installer

                                       Download  Predator


64 bit installer
                                       Download  Predator


හරි දැන් ඔයාල Predator Download කරගෙන ඉවර වෙලා install කරගන්න. 
software එක install කරලා Open කරපු ගමන් ඔයාලට Password එකක් දෙන්න වෙනවා. 
මේ Password එකෙන් කරන්නේ ඔයාලගේ Pen එක නැති උනොත් මේ Password 
දීල තමයි Unlock කරගන්න වෙන්නේ.. 

ඔයාල Password එකක් දුන්නට පස්සේ ඔයාලගේ පරිගණකයට Pen Drive එක 
සම්බන්ධ කරන්න.  ඊට පස්සේ මේ software එකේ Flash Drive කියන කොටසේ 
Create Key කියලා Button එකක් ඇති ඒක Click Key එකක් හදා ගන්න. 
එතකොට පහල රූපයේ ආකාරයට ලැබේවි. 


දැන් Ok Button එක Click කරලා ඔයාලගේ Pen එක පරිගණකයෙන් ඉවත් කරන්නකෝ..
එතකොට ඔයාලගේ Computer එක Lock වෙනවා. ආයේ Unlock කරන්න ඉතින් ක්‍රම 
2යි තියෙන්නේ.. පලවෙනි ක්‍රමේ තමයි ආපහු Pen Drive එක පරිගණකයට සම්බන්ධ කරන එක. 
අනිත් එක තමයි මුලින්ම අපි ලබා දුන් Password එක Enter කිරිමෙන්. 
අපි වැරදි Password එකක් දුන්නොතින් Alarm එකක් වැදෙනවා. අපි කරන හැම මේ වගේ 
එවා ඔක්කොම වෙනම file එකක සටහන් වෙනවා. 



මේකේ තියෙන විශේෂමදේ තමයි මේ software එකෙන් පරිඝනකය Lock කරපුවාම 
ආයේ Alt+Ctrl+Delete ඔබලා Task Manager එක අරන්වත් මේ software එක close කරන්න බෑ 
කියන එක. 


හරි ඔන්න ඔහොම තමයි Pen  Drive එක මගින් පරිගණකය Lock හා Unlock කරන්නේ. 

ඔයාලත් කරලා බලන්නකෝ එහෙනම්, ප්‍රයොජනවත් දෙයක් කියල හිතනවා නම් 
Comment එකක් දාල යන්න අමතක කරන්න එපා...


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



-------------------------------------------සුභ දවසක් ----------------------------------------



0 අදහස්:

Post a Comment