Saturday 30 August 2014

Google Play එකේ තියෙන Android Apps Computer එකට බා ගමුද?


   
                                                        මේ දවස් වල ගොඩක් අය ලග තියෙන්නේ ඉතින් Android
SmartPhones හින්දා මම හිතුවා ඒ අය සදහා Android වලට සම්බන්ධ ලිපියක් ගෙන එන්නට.  ඔයාල
ඉතින් ඔයාලගේ Android Phone එකට අලුතින් App එකක් දාගන්න ඕන වුනාම කරන්නේ ඉතින්
Phone එකේ තියෙන Play Store කියන එක click කරලා ඒ App එක Search කරලා install කරගන්න
එකනේ.  මොනවා හරි හේතුවකින් ඒ App එක Uninstall කලොත් ආයෙත් ඉතින් Google Play එකට
යන්න ඕන ඒ App එක හොයාගෙන. ඉතින් මේ සදහා ආයේ අමුතුවෙන් Data නාස්ති කරගන්න වෙනවා.
මේ වැඩෙත් අර Google Chrome PC එකට Install කරනවා වගේ වැඩක්. Onlineමයි කරන්න ඕන.
මොහොතක් හිතන්න මේ App එක කලින් Download කරලා තියා ගත්තා නම් ලැබෙන වාසිය ගැන.
Data ත්  ඉතුරුයි කාලයත් ඉතුරුයි. ආයේ අමුතුවෙන් Internet එකට connect වෙවී දගලන්න ඕන නැහෑ.
හොදයි අද මම කියන්න යන්න කොහොමද එහෙම කරන්නෙ කියලයි.


හරි මම මේ ලිපියෙන් කියන්න යන්නේ කොහොමද ඒ Apps Computer එකට බා ගන්නේ කියලයි.

එහෙනම් ඉතින් මෙච්චර කරන්න තියෙන්නෙ.

ඔයාල එකටම පහල Link එක ක්ලික් කරලා Google Play Website එකට යන්න.

Google Play 

දැන් ඒ Website එකට ගිහින් කැමති Application එකක් තෝරාගෙන(Search කිරීමෙන්) ඒ Application
එකේ Direct Link එක Copy කරගන්න.

දැන් මම Download කරන්න හදන්නේ Viber App එක . ඒ හින්දා  මම ඒ Web Page එකට ගිහින්
ඒකේ ලින්ක් එක Copy කරගන්න ඕනා.

රතු පාටින් පෙන්වලා තියෙන්නෙ ඒ Direct Link එකයි.







හොදයි ඊට පස්සේ ඔයාල මෙන්න මෙතන click කරලා පොඩි website එකකට යන්න.
(පලමුව ලැබෙන Adfly website එක Skip කරන්න)

එතකොට ඔයාලට මෙන්න මේ පහල රූපයේ විදියට කොටසක් පෙනෙන්නට ලැබේවි.




එතන තියෙන Package name or Google Play URL කියන එකට පහලින් ඔයාල Copy කරගත්තු
App එකේ ලින්ක් එක Paste කරන්න.  ඊට පස්සේ Generate Download Link කියන Button එක
Press කරන්න.

ටික වෙලාවකින් පහල විදියට පෙනේවි



දැන් ඉතින් තියෙන්නේ ඉහත රූපයේ කොල පාටින් පෙන්නුම් කරලා තියෙන Button එක Press කරන්න
විතරයි. (Press Click to download com.viber.voip Now)

හරි ඔච්චරයි වැඩේ. මේ විදියෙන් මම 100% ක් සහතික වෙන්නේ නෑ සියලු Google Play Apps Download වෙනවා කියලා.
Download වෙන්නේ free දෙන Apps විතරයි.

ඔයාලා බය නැතිව මේ ක්‍රමේ Free Apps සදහා භාවිතා කරන්න.

මේ ගැන අමතර දෙයක් දෙනගන්න ඕන නම් comment කරන්න.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


------------------------------------------සුභ දවසක්--------------------------------------------- 




0 අදහස්:

Post a Comment