Thursday 17 April 2014

PC Suits, Kies මොකවත් නැතිව කෙලින්ම Phone එක PC එකට Connect කරලා Internet යමූ. (Android Phone සදහා පමණි )



         
        හොදයි ඉතින් අද මම කියන්න යන දෙයින් ඔයාලට පුලුවන් ආයේ අමුතුවෙන් Phone එකේ
තියෙන SIM එක ගලවලා Dongle එකට දා දා ඉන්නේ නැතිව කෙලින්ම Phone එකම PC
එකට connect කරලා PC එකෙන්ම Internet යන්න පුලුවන්.  මේ කාලෙදි ඔයාල ගොඩක්
ලගම තියෙන Phone එක මොකද්ද කියල ඇහුවොත් කියන්නේ Android Phone එකක් කියලනේ.
ඉතින් ඒ හින්ද ඒ  Android භාවිතා කරන අපේ යාලුවන්ට මේ ක්‍රමය වැදගත් වේවි.
මුලින්ම කියන්න ඕන මේ කියන්න යන ක්‍රමේ නම් එච්චර අමාරු දෙයක් නෙවෙයි. මම මේ
ක්‍රමේ දැන ගෙනත් ගොඩක් කල්. ඒත් මේ ගැන කිසිම දෙයක් නොදන්න අය ඔයාල අතරේ
ඉන්න හින්ද මම මේ ලිපිය ඔයාල වෙනුවෙන් ලියන්න හිතුවා.

හරි එහෙනම් වැඩේට බහිමු.


  • මුලින්ම ඔයාල Android Phone එක USB Data Cable එකක් යොදාගෙන  Computer එකට Connect කරන්න.  


මෙහිදී ඔයාල සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි කිසිම වෙලාවක
USB Storage එක Connect නොකර සිටීමට.



  • දැන් ඔයාලට එකටම කරන්න දෙයක් තියේ. ඒ තමයි ඔයාලගේ phone එකේ Use packet data කියන option එක Enable කරන එක.


 Phone එකෙන් කොහොමත් Internet යන අයගේ නම් මේ option එක Enable වෙලා තියෙන්නේ.
කොයි එකටත් කියල පල්ලෙහා දාල තියෙන path එකට ගිහින් ඒ option එක Enable වෙලාද
නැතිද කියල බලන්නකෝ.

Menu -----> Settings -----.> Wireless and network-----.>Mobile networks----> Use packet data





  • දැන් ඉතින් පල්ලෙහා පින්තූර වල දාල තියෙන විදියට USB tethering කියන එකට ටික් එක දාන්න.


 Menu -----> Settings -----.> Wireless and network-----.>Tethering and Mobile AP









Tethering උනාට පස්සේ ඔයාලට පෙනේවි Notification Bar පහල විදියට notification එකක්.


හරි වැඩේ ඉවරයි.

දැන් ඔයාලගේ Computer එකේ ඇති Task Bar එකේ දකුනු පැත්තේ
පහල රූපයේ විදියට Phone එකෙන්  Internet යෑම සදහා connect වෙනවා දැක ගන්නට
පුලුවන් වේවි
.


දැන් ඉතින් කැමති website එකකට ගිහින් බලන්න වැඩේ හරිද කියලා.

මේ ලිපිය ඔයාලට වැදගත් උනා නම් හරි මෙහි නොතේරුන දෙයක් තියේ නම්
හරි  තියේ නම් පහලින් comment එකක් දාලා ඒ බව තහවුරු කරන්න.

මෙම තොරතුරු ඔබ මිතුරන් සමඟ Share කිරීමට කාරුණික වන්න !


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න


----------------------------------------------සුභ දවසක්--------------------------------------------

4 අදහස්:

අටම්පහුර said...

ඔහොම ගියහම ගොඩක් ස්ලෝ නේද

වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරන්න

supun said...

machn mata pehedili ne oya kiyapude...

Unknown said...

Ohoma net giyama speed ekea aduwak nedda

supun said...

neha machn speed eka supiriyatama thiyenawa dongle ekak wage

Post a Comment