Monday 28 April 2014

කැමතිද Desktop එක පිලිවෙලකට තියා ගන්න. ????

               
                                                     මම මේ ලිපියෙන් කියන්න යන්නේ Desktop එකේ
තියෙන Icon,Shortcuts එහෙම පිලිවෙලකට Label කරලා තබාගන්න පුලුවන් ක්‍රමයක්
ගැනයි.
ගොඩක් Computer එක භාවිතා කරල වැඩ කරන ඔයාල ගොඩක් වෙලාවට නිතර නිතර අවශ්‍ය
වන PDF Files,Softwares Shortcut ,Games Icon එහෙම  තියා ගන්නේ Desktop එකේනේ.

ඒ විදියට ගොඩාක් Folder,Files,Softwares Shortcut  එහෙම Desktop එක මත තියාගන්න ගියාම
අපිට ඕන කරන File එක හොයන්න ගියාම ඉතින්  කරදරයි කියල අමුතුවෙන්ම කියන්න ඕනා
 නැහැනේ.
පහල රූපය දිහා බලන්නකෝ.


ඉතින් ඔන්න ඔය වගේ Desktop එකක් තිබ්බොත්,අපිට ඕන File එකක් හොයන්න ගියොත්
අපිට මාර කට්ටක් කන්න වෙනවා කියලා හිතන්න දෙයක් නැහැනේ.

පොඩ්ඩක් හිතන්න ,අර මුලින්ම තියෙන පින්තූරේ විදියට අපේ Desktop එක හදා ගත්තොත්
කොහොමද කියලා. ආයේ ගතියටම තියේවි.

පහල රූපේ මගේ Desktop ඒකේ Screenshot එකක් දාලා තියෙනවා.


හොදයි ඉතින් මෙහෙමයි ඔය විදියට හදා ගන්නේ ඒකට ඔයාල පහල තියෙන links වලින්
පොඩි software එකකුයි ඒකේ Crack එකයි Download කරගන්න.

Download Fence with Crack


හරි ඔයාල software එක Download කරලා ඉවර වෙලා install කරලා Crack කලාට පස්සේ
ඒ software එක Open කරන්න.

එතකොට මේ විදියට Fence එකක් හදන විදිය ඒකේ Create a fence යටතේ තිබෙවි.


ඒකේ කියලා තියෙනදේ පැහැදිලි නැත්තම් පහල රූප වල විදියට Fence එකක් හදන්න.

මුලින්ම ඔයාල Desktop කොටුවක් අදින්න Mouse එකේ Right Button  එක Use කරගෙන
පහල විදියට


ඊට පස්සේ Right Button එක අත් හැරියවිට  පහත විදියට ලැබේවි.


Create new Fence here Click කරන්න.
ඉන්පහු පහල විදියට ලැබේවි.


ඉන්පසු ඉහල රූපයේ විදියට කැමති නමක් දී Fence එක Create කරන්න.
එතකොට පහල විදියට ලැබේවි.


ඉතින් ඔය වගේ Fence කීපයක්  හදගෙන ඒ ඒ Icon,Files අවශ්‍ය Fence වලට දමා. ඔයාලගේ
Desktop එක පිලිවෙලට තබා ගන්නට පුලුවන්.

ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ.

හොදයි ආයෙත් වැදගත් වෙයි කියල හිතෙන software එකක් හම්බුනොත් ඔයාලට  කියන්නම්.
මේ software එක වැදගත් වුනා කියලා හිතනවා නම් පහලින් Comment එකක් දාල මට
සහය වන්න.

අන් අයගේ දැන ගැනීම පිනිස මෙම ලිපිය Share කිරිමට කාරුණික වන්න.


කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



------------------------------------------------සුභ දවසක්------------------------------------------ 

0 අදහස්:

Post a Comment