Friday 4 January 2013

කිසිම අපහසුවක් නැතිව සිංහලෙන් type කරමු.


                   ඔන්න යාලුවනේ ගොඩාක් දවසකින් මමත් හිතුවා software එකක් ගැන
post එකක් ඔයාලට ගෙන එන්න. ඉතින් මම මේ කියන software එක නම් ඉතින්  ඔයාල
බහුතරය දන්න software එකක් ලංකාවේ ගොඩාක් අය මේ වෙන විටත් මේක පාවිච්චි කරනවා.
ඒ තමයි The Pencil කියන software එක.  සිංහලින් කියනවා නම් පැන්සල කියන මෘදුකාංගය.
මේ මෘදුකාංග ගැන ඉතින් මටත් වඩා ඔයාල දන්නවා ඇති. ඒත් ඉතින් මේ software එක ගැන
Softwares & Tricks  මගින් කීවේ නැත්තම් අපේ බ්ලොග් එකට ඒක අඩුපාඩුවක් වගේ දැනුන
හින්දා මම හිතුවා මේ ගැනත් ඔයාලට ගෙන එන්න.

හරි ඉතින් ඔයාල facebook එකේ එහෙම සිංහලින් type කරන්න කැමති ඇතිනේ. ඔයාල
ගොඩාක් අය මේ software එක use කරන්නට කලින් Google IME වගේ software වලින්
facebook එකේ සිංහලෙන් type කරලා ඇති. මමත් ඒ දවස් වල ඉතින් ඒකෙන් තමා
facebook එකේ සිංහල type කරේ.
ඉතින් මට මීට මාස කීපයකට කලින් මේ Pencil කියන software එක ගැන අහන්න ලැබුනා.
මාත් ඉතින් නිකමට වගේ තමා මේක පාවිච්චි කලේ. ඉතින් මට පුලුවන් උනා ටික දවසකින්
 මේකෙන් වෙනදට වඩා ඉක්මනට,නිවැරදිව,වේගයෙන් කිසිම අපහසුවකින් තොරව සිංහලින්
type කරන්න.
කොටින්ම කියනවා නම්  මේ බ්ලොග් එකේ ඔයාල දකින සිංහල අකුරුත් ඉතින් මේ Pencil 
කියන software එකෙන් type කරපු ඒවා තමා .

අපේ සිංහල හෝඩියේ තියෙන හැම අකුරක්ම වගේ මේකෙන් type කරන්න පුලුවන්
ලේසියෙන්ම. අපිට ඒ අකුරු type කරන්නේ කොහොමද කියල Key Map එකකුත්
මේ software එකේ දාල තියේ. පල්ලෙහා බලන්නකෝ.



මේ software එකෙන් facebook විතරක් නෙවේ MS Office  Adobe Photoshop, Open Office
වගේ ඒවගේ type කිරීමට Office Mode කියලා වෙනමම පහසුකමක් තියේ.

මේ සුපිරි සිංහල type කරන්න පුලුවන් software එක හැදුවේ තුසිත මනතුංග කියලා රුහුණ 
සරසවියේ ඉන්ජිනේරු පීඨයේ ඉන්න යාලුවෙක්. ඔයාලට ඉතින් මේ software එක ගැන 
වැඩිපුර දැන ගන්න  ඕනේ නම් ඉතින් එයාව facebook එකෙන් connect කරගන්න පුලුවන්. 

එහෙනම් ඉතින් ඔයාලත් download කරගන්නකෝ

                                                Download The Pencil 


Download කරන ආකාරය

මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න


එහෙනම් ඔයාලත් try කරලා බලන්න.
ප්‍රයොජනවත් වුනානම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



--------------------------------------සුභ දවසක්------------------------------------------



3 අදහස්:

Unknown said...

Notepad එකේ සිංහල ටයිප් කරනකොට ඇයි English Words එහෙම්මම තියෙන්නේ? එව්වා කප කප ලියන්න වෙන්නේ.මොකක්ද අව්ල?

Serandibsoft said...

සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නෑ . ඔයාගේ OS එක මොකක්ද ? Notepad එකේ විතරද මේ අව්ල එන්නේ.MS Word වල ඔෆිස් මෝඩ් එක දාලා ටයිප් කරද්දිත් ඔය ලෙඩේ එනවද

Thusitha Manathunga
Serandibsoft

Unknown said...

මේකනම් නියමයි.. office mode එකේදිනම් පොඩි අවුලක් තියනවා වගේ.. යුනිකෝඩ්නම් නියමයි.

Post a Comment