Thursday 12 June 2014

දැනට වාර්තා වී ඇති ලෝකයේ මිල අධිකම ජංගම දුරකථන 5





                                                                    වර්තමාන ලොකයේදී මේ ජංගම දුරකථන අපිට නැතිවම
බැරි දෙයක් කීවොත් මම නිවැරදි. අද ලෝකයේ වැඩිහිටි සෑම කෙනෙක් ලගම පාහේ ජංගම දුරකතනයක්
ඇත. ඉතින්  අද මම මේ ලිපියෙන් හිතුවා දැනට වාර්තා වී ඇති ලෝකයේ මිල අධිකම ජංගම දුරකථන 5
පොඩි විස්තරයක් ගෙන එන්න කියලා.


1)iPhone 5 Black Diamond (Price : $15.3 Million)



 ලෝකයේ ධනවත්ම අයගේ Mobile Phone Brand එක ඉතින් Apple කියලා අමුතුවෙන් කියන්න 
ඕනේ නැහැනේ.  ඒ වගේම එයාලා භාවිතා කරන බොහොමයක් උපකරණ අලංකාර කරනය 
සදහා ඉතින් භාවිතා වෙන්නේ ගොඩක් වෙලාවට දියමන්ති සහ රත්තරන්.  ඒ නිසාදෝ මෙම 
iPhone 5 එක නිපද වීමට ලෝකයේ ගෝඩාක් වටීනා කලු දියමන්ති වර්ගයක(Black Diamond) 
කැරට් 26ක් සහා රත්තරන් යොදා ගෙන තියෙනවා. 

මෙය තමයි ලෝකයේ මෙතෙක්  වාර්තා වී ඇති මිල අධිකම ජංගම දුරකථනය වන්නේ. 


2) iPhone 4 Diamond Rose Edition ( Price: $8 Million)






මෙය iPhone 4 වර්ගයට අයත් ජංගම දුරකථනයකි .  මෙය නිර්මාණය කල ඇත්තේ ද රත්තරන්
 හා දියමන්ති යොදා ගෙන වන අතර එම දියමන්ති කුඩා රෝස මල් ආකාරයට විශාල වශයෙන්
 යොදා ඇති නිසා මෙයට iPhone 4 Diamond Rose Edition ලෙස නම් කර ඇත. 

ලෝකයේ මෙතෙක් දෙවනියට වාර්තා වී ඇති මිල අධිකම ජංගම දුරකථනය වන්නේ මෙම 
iPhone 4 Diamond Rose Edition ජංගම දුරකථනයි. 

3) iPhone 3GS Supreme Goldstriker(Price : $3.2 million)




ලෝකයේ මෙතෙක් තෙවනියට වාර්තා වී ඇති මිල අධිකම ජංගම දුරකථනය වන්නේ මෙම 
iPhone 3GS Supreme Goldstriker ජංගම දුරකථනයි. මෙයද සෑදීමට දියමන්ති සහා රත්තරන් 
භාවිතා කර ඇත. 

4) iPhone 3G Kings Button(Price $2.4 million)




ඔස්ට්‍රේලියානූ ජාතිකයකු වන Peter Aloisson විසින් design කල ඇති මේ iPhone 3G Kings Button
ජංගම දුරකථනය ලෝකයේ මෙතෙක් 4වෙනියට  වාර්තා වී ඇති මිල අධිකම ජංගම දුරකථනය බවට 
පත්වී තිබෙනවා. 
    මෙය නිපදවීමේදි මෙම දුරකතනයෙහි Home Button එක සදහා ගුණයෙන් ඉතා ඉහල කැරට් 6.6 
දියමන්ති භාවිතා කර ඇති අතර අනෙකුත් අලංකරනයන් සදහා කැරට් 18 Yellow gold, White gold 
හා Rose gold භාවිතා කර ඇත. 


5) GoldVish Le Million (Price: $1.3 million)




මෙම දුරකථනය Luxury Edition භාවිතයට කැමති අය සදහා නිපදවූවක් කීවොත් මම නිවැරදි. 
මෙම දුරකථනය Design කර ඇත්තේ Emmanuel Gueit නැමැති ස්වීඩන් ජාතිකයා විසිනී. 
මෙම දුරකථනයේ ප්‍රධාන අයිතිය ඇත්තේ ප්‍රසිද්ධ රුසියානු ව්‍යපාරිකයෙකු හටයි. 

මෙය මෙතෙක් ලෝකයේ වාර්තා වී ඇති මිල අධිකම ජංගම දුරකථන අතර පස් වෙනි
 ස්ථානය ලබාගෙන ඇත. 

කැමති නම් පහල Follow Button  එක Press කරලා මාව Follow කරන්න



---------------------------------------------සුභ දවසක්-------------------------------------------- 

0 අදහස්:

Post a Comment